ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ගම්පෙරළිය වැඩසටහන යටතේ දිවයින පුරා  සිදු කරන කඩිනම් සංවර්ධන ව්‍යාපෘති 30840 ක් සඳහා රුපියල් කෝටි 1328 කට වැඩි මුදලක් ලබා දී ඇතැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පැවසිය.

රටේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිලිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ග්‍රාමීය යටිතල පහසුකම් ඇතුළු කඩිනම් සංවර්ධනය වෙනුවෙන් ආරම්භ කල ගම්පෙරළිය වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වෙන බවයි.

මාර්ග සංවර්ධනය,  ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය, විදුලිය ලබාදීම, හරිත උද්‍යාන නිර්මාණය කිරීම, වැව් අමුණු ප්‍රතිසංස්කරණය, පාසල් ප්‍රතිසංස්කරණය ඇතුළු සංවර්ධන කටයුතු රැසක් මේ යටතේ සිදු කෙරේ. 

මේ වනවිට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත සෘජුව මුදල් ලබා දීමට කටයුතු යොදා තිබේ.

මෙම මුදල් දිවයින පුරා දිස්ත්‍රික්ක වෙත බෙදී ඇති ආකාරය පිළිබඳවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය. 

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ව්‍යාපෘති 2638ක් වෙනුවෙන් රුපියල් මිලියන 1675.5ක්, මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 1802ක් සඳහා රුපියල් මිලියන 988ක්ද, කුරුනෑගල දිස්ත්‍රික්කය සදහා ව්‍යාපෘති 1633ක් වෙනුවෙන් රුපියල් මිලියන 978ක්ද,  රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 2985ක් සදහා රුපියල් මිලියන 799ක්, කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 1426ක් වෙනුවෙන් රුපියල් මිලියන 734ක් ලෙස ලබා දී ඇති බව අමාත්‍යවරයා පැවසිය. 

මිට අමතරව ගාලු දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 1285ක් සඳහා රුපියල් මිලියන 670ක්, මාතර දිස්ත්‍රක්කයේ ව්‍යාපෘති 1357ක් සදහා රුපියල් මිලියන 597ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 1447ක් වෙනුවෙන් රුපියල් මිලියන 863ක්, ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් ව්‍යාපෘති 2061ක් වෙනුවෙන් රුපියල් මිලියන 694ක්, කළුතර දිස්ත්‍රික්කය සඳහා ව්‍යාපෘති 1054ක් වෙනුවෙන් රුපියල් මිලියන 615ක්, පුත්තලම් දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 1081ක් වෙනුවෙන් රුපියල් මිලියන 468ක්, මාතලේ දිස්ත්‍රික්කය සදහා ව්‍යාපෘති 702ක් වෙනුවෙන් රුපියල් මිලියන 398ක්, යාපනය දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 299ක් සඳහා රුපියල් මිලියන 278ක්, පොලොන්නරුව දිස්ත්‍රීක්කය වෙනුවෙන් ව්‍යාපෘති 3954ක් සදහා රුපියල් මිලියන 299ක්, ත්‍රීකුණාමළය සදහා ව්‍යාපෘති 270ක් වෙත රුපියල් මිලියන 297ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 169ක් සඳහා රුපියල් මිලියන 203ක්, නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා රුපියල් මිලියන199ක් ව්‍යාපෘති 355ක් සඳහා  මුදල් වෙන්කර තිබේ.

එසේම හම්බන්තොට දිස්ත්‍රික් ව්‍යාපෘති 51ක් සඳහා රුපියල් මිලියන 100ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 876ක් සඳහා රුපියල් මිලියන 96.9ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 39ක් සදහා රුපියල් මිලියන 59ක්ද ද ලබා දී ඇත. මීට අමතරව මොනරාගල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 12 වෙනුවෙන් රුපියල් මිලියන 42ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 19ක් වෙනුවෙන් රුපියල් මිලියන 21ක්, වව්නියාව දිස්ත්‍රික්කය සදහා ව්‍යාපෘති 19ක් වෙනුවෙන් රුපියල් මිලියන 18ක්  ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සදහන් කළේය. 

මේ අතර නව ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක කරනු ලබන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ මේ වන විට ආයතන හා පුද්ගලයන් 22,957කට ණය ලබා දී තිබේ. රජයේ සහ පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණය මුදල්වල මුළු වටිනාකම රුපියල් කෝටි 4917කට අධික බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සදහන් කළේය.

2018 වසර සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 2250ක් වෙන්කර තිබේ. ව්‍යාපෘති 14328ක් වෙනුවෙන්  එයින් රුපියල් කෝටි 194ක මුදලක්  පකෂ විපක්ෂ මන්ත්‍රීවරු වෙත ලබා දී ඇතිබවත් එය  ප්‍රතිශතයක්  ලෙස 86%ක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 

 ඒ අනුව ග්‍රාමීය සංවර්ධනය සඳහා යොදවා ඇති සමස්ත මුදල කෝටි 6450කට අධික බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.  


Latest News

මෙෙත්‍රී හදිසියේම අද රෑ මධ්‍යම කාරක සභාව කැදවයි මෙෙත්‍රී හදිසියේම අද රෑ මධ්‍යම කාරක සභාව කැදවයි 2018-12-07 - ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන අද (07) ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැදවා තිබෙ More detail
ජනාධිපති ගැසට් නිවේදනය අත්හිටුවු අතුරු තහනම් නියෝගය 10 වැනිදා දක්වා ජනාධිපති ගැසට් නිවේදනය අත්හිටුවු අතුරු තහනම් නියෝගය 10 වැනිදා දක්වා 2018-12-07 - පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනය අත්හ... More detail
තනිව නිවසේ සිටි කාන්තාවගේ ගෙල කපා ඝාතනය කරලා තනිව නිවසේ සිටි කාන්තාවගේ ගෙල කපා ඝාතනය කරලා 2018-12-07 - පිළියන්දල පොලිස් වසමේ මාවිත්තර ප්‍රදේශයේ කාන්තාවක් තියුණු ආයුධයකින් ගෙල කපා... More detail
වැල්ලවායෙන් මහනුවරට කැන්දාගෙන ගිය මනමාලියට දැවැද්දට ලක්‍ෂ 13 ක ගංජා වැල්ලවායෙන් මහනුවරට කැන්දාගෙන ගිය මනමාලියට දැවැද්දට ලක්‍ෂ 13 ක ගංජා 2018-12-07 - වැල්ලවායෙන් මහනුවරට කැන්දාගෙන ගිය මනමාලියට දැවැද්ද ලෙස රැගෙන යමින් තිබූ ... More detail
මම පෙහොට්ටුවෙන් ජන්දේ ඉල්ලන්නේ නැහැ - යුද්ධය දිනපු නිසයි මහින්ද ඒක්ක ඉන මම පෙහොට්ටුවෙන් ජන්දේ ඉල්ලන්නේ නැහැ - යුද්ධය දිනපු නිසයි මහින්ද ඒක්ක ඉන්නේ 2018-12-07 - තමා පසුගියදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සමාජිකත්වය ගත් කතාව ඇත්ත වුණත් ඉදිරි... More detail
පරික්ෂණයකට කියා ගෙනවිත් කාන්තාවකට ලිංගික අතවර කළ  අධිකරණ වෛද්‍ය නිලධාරිය පරික්ෂණයකට කියා ගෙනවිත් කාන්තාවකට ලිංගික අතවර කළ  අධිකරණ වෛද්‍ය නිලධාරියා 2018-12-07 - අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුබෝවිල රෝහල වෙත රැගෙන ගිය තරුණ කාන්තාවකට... More detail
විශ්ව - හසිනි සැමුවෙල් ගේ විවාහය Fill T නිසා දෙදරා යයි - හසිනි අැත්ත පිළිගනී විශ්ව - හසිනි සැමුවෙල් ගේ විවාහය Fill T නිසා දෙදරා යයි - හසිනි අැත්ත පිළිගනී 2018-12-07 - විශ්ව පෙරේරා සහ හසිනි සැමුවෙල්ගේ විවාහය පසුගියදා සිදුකිරීමට නියමිතව ති More detail
නාමල් කුමාරගේ ජංගම දුරකතය හොංකොං රාජ්‍යයට - මකා දැමූ හඬ පට අායෙත් ඒළියට නාමල් කුමාරගේ ජංගම දුරකතය හොංකොං රාජ්‍යයට - මකා දැමූ හඬ පට අායෙත් ඒළියට 2018-12-07 - ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්  තොරතුරු හෙළිකළ දුෂණ විරෝධි බලකායේ... More detail
කවුරුත් කතා කරන සජිත් අර්බුදයට විසදුමක් කියයි කවුරුත් කතා කරන සජිත් අර්බුදයට විසදුමක් කියයි 2018-12-07 - පවතින අර්බුදය විසදිය හැක්කේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරයට ඇහුම්ක... More detail
මැතිව්ස් - මාලිංග IPL යයි මැතිව්ස් - මාලිංග IPL යයි 2018-12-07 - ලබන වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන... More detail
අතුරු තහනම හෙට දක්වා දිර්ඝ කෙරෙයි - රටම බලා සිටි තීන්දුව අද ද? හෙට ද? අතුරු තහනම හෙට දක්වා දිර්ඝ කෙරෙයි - රටම බලා සිටි තීන්දුව අද ද? හෙට ද? 2018-12-07 - පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එර... More detail
සා.පෙළ විභාගයට සිසුවා දුරකථන ගෙනල්ලා - ගුරුවරිය නිවසේ සිට පිළිතුරු එවලා සා.පෙළ විභාගයට සිසුවා දුරකථන ගෙනල්ලා - ගුරුවරිය නිවසේ සිට පිළිතුරු එවලා 2018-12-07 - ජංගම දුරකතනයක් භාවිතා කර අපොස සාමාන්‍ය පෙළ විභායේ  ඉංග්‍රීසි   ප්‍රශ්න පත... More detail
මෙෙත්‍රී කියපු ගමන් මහින්ද අගමැතිකම ගන්න හේතුව මෙන්න මෙෙත්‍රී කියපු ගමන් මහින්ද අගමැතිකම ගන්න හේතුව මෙන්න 2018-12-06 - රට තුළ අස්ථාවරත්වයක් නිර්මාණය වී ඇත්තේ අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය අත්හි... More detail
හිතේ හැටියට බනින්න රන්ජන් ගියපු තැන මෙන්න - විඩියෝ හිතේ හැටියට බනින්න රන්ජන් ගියපු තැන මෙන්න - විඩියෝ 2018-12-06 - තනි අාණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂයට ජනාධිපත් මෙෙත්‍රීපාල... More detail
හිටපු ජනපතිනියගෙන් ශ්‍රීලනීප සමුළුව ගැන ලිපියක් හිටපු ජනපතිනියගෙන් ශ්‍රීලනීප සමුළුව ගැන ලිපියක් 2018-12-06 - පසුගියදා (04) පැවති ශ්‍රීලනීප සම්මේලනය පිළිබදව තමාට පක්ෂයේ කිසිවෙකුත් විසින්... More detail
ලෝක වාර්තාවකට ගිය ප්‍රියංකාගේ වේලයේ නොදත් කතාව මෙන්න ලෝක වාර්තාවකට ගිය ප්‍රියංකාගේ වේලයේ නොදත් කතාව මෙන්න 2018-12-06 - ඉන්දීය සුපිරි බොලිවුඩ් තරු කිහිප දෙනෙක්ම පසුගිය දිනවල යුග දිවියට එළඹුණා.  More detail
මහමගදී බන්ධනාගාර බස් රථයේ රියදුරුට නින්ද යයි මහමගදී බන්ධනාගාර බස් රථයේ රියදුරුට නින්ද යයි 2018-12-06 - මාතර සිට කොළඹ බලා ධාවනය වූ බන්ධනාගාර බස් රථයක් අද (06) අලුයම අනතුරට පත්වී තිබේ More detail

 

Gossip

Foreign

Huawei ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය අත්අඩංගුවට Huawei ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය  අත්අඩංගුවට 2018-12-06 - චීනයේ ක්‍රියාත්මක ප්‍රධාන දුරකතන සමාගමක් වන හුවාවි ආයතනයේ නිර්මාතෘවරයාගෙ... More detail
යුටියුබ් වැඩිම අාදායම් ලාභියාට අවුරුදු 7යි - අාදායම ඩොලර් මිලියන 22ක් යුටියුබ් වැඩිම අාදායම් ලාභියාට අවුරුදු 7යි - අාදායම ඩොලර් මිලියන 22ක් 2018-12-06 - සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු හතක් වයසැති දරුවෙකු යූටියුබ්හි... More detail
එච්.අයි.වී ආසාදිතයකු බව මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි එච්.අයි.වී ආසාදිතයකු බව මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි 2018-11-30 - බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයකු අද තමන් එච්.අයි.වී ආසාදිතයකු බව... More detail
පකිස්ථානයේ පැවැත්වෙන සාක් සමුළුවට ඉන්දියාව නැහැ පකිස්ථානයේ පැවැත්වෙන සාක් සමුළුවට ඉන්දියාව නැහැ 2018-11-29 - පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුව සඳහා සහභාගී නොවීමට ඉන්දියාව තීරණය... More detail
අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කරලා පසුව මළසිරුර සමඟ ලිංගිකව... අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කරලා පසුව මළසිරුර සමඟ ලිංගිකව එකතු වෙලා 2018-11-28 - 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව මළ සිරුර සමඟ... More detail
ජනපතිගේ ක්‍රියාකලාපය අගවිනිසුරුත් හෙළා දකියි ජනපතිගේ ක්‍රියාකලාපය අගවිනිසුරුත් හෙළා දකියි 2018-11-23 - අමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා... More detail
මහ අැමතිට මිරිස් කුඩු ගැහුව පුද්ගලයා අත්අඩංගුවට මහ අැමතිට මිරිස් කුඩු ගැහුව පුද්ගලයා අත්අඩංගුවට 2018-11-21 - ඉන්දියාවේ දිල්ලි ප‍්‍රාන්ත මහ ඇමති අරවින්ද් කේජ්රිවාල්ට මිරිස් කුඩු ප‍්‍... More detail