දුර්ලභ ගණයේ රෝගයක් වන අස්ථි හා මෘදු පටක පිළිකා රෝගයට නිවැරදි ප්‍ර‍තිකාරගැනීම පිළිබද එම රෝගීන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක්  පසුගියදා  ෆෝටේ ඉන්ට්‍රනැෂනල්හි මැදිහත්වීමෙන් පැවැත්විණි.

ඒ කොළඹ ෆෝටේ ඉන්ට්‍රනැෂනල් ආයතනයේදී ය.

අස්ථි හා මෘදු පටක පිළිකා රෝගය දුර්ලභ ගණයේ රෝගයක් වන අතර එය වැළදුනු රෝගියෙක්ට ප්‍රතිකාර කරන්නේ එම ශරීර කොටස් ඉවත් කිරීමෙන් වන නමුත් එවැනි ඉවත් කිරීමකින් තොරව රෝගිය සම්පූර්ණයෙන්ම සුවකළ හැකි වන බැවින් මේ පිළිබද ජනතාව දැනුවත්කිරීම අත්‍යවශ්‍ය බව ද එහිදී වැඩිදුරටත් පැහැදිලි විය.

අස්ථි හා මෘදු පටක පිළිකා වැළදී තිබෙන රෝගීන්ට ඔවුන්ගේ අත් පා අහිමිකරගැනීමෙන් තොරව ප්‍රතිකාර ලබාදිය හැකි බවත් මේ සම්බන්ධයෙන් ලංකාවේ රෝගීන් දැනුවත් විය යුතු බවත් එහිදී බැංගලෝර් ඇපලෝ රෝහලේ ජ්‍යෙෂ්ඨ විකලාංග ශෛල්‍ය වෛද්‍ය ශ්‍රී නිවාස් චිරුකරු මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසුවේය.

අස්ථි හා මෘදු පටක පිළිකා දුර්ලභ වන අතර එය මුළු පිළිකා වර්ග අතරින් සියයට දෙකක්, තුනක් අතර පවතිනවා. එහි දුර්ලභකම නිසාම මෙම පිළිකා සම්බන්ධයෙන් වෛද්‍යවරු හා මහජනතාව අතර ඇති දැනුම අල්පයි. මෙම පිළිකා ඕනෑම වයස් සීමාවක අයෙක්ට වැළදෙන්න පුලුවන්. මෙය ජීවිත අවදානම පවා ඇති කරන මාරාන්තික පිළිකාවක්. මෙම පිළිකා රෝගී තත්වය ඇති රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන්නේ බොහෝ විට එම රෝගයේ උච්චතම ස්ථානයට පැමිණි විටයි. වෛද්‍යවරුන්ට ද මෙම රෝග විනිශ්චය අපහසු කාර්යයක්. මෙම පිළිකා සදහා ප්‍රතිකාර ඉතා සංකීර්ණ වන අතර සෑම රෝහලකම ප්‍රතිකාර නොමැත. මෙම පිළිකා සදහා වඩාත් මූලිකම දේ වන්නේ පෙර හදුනාගැනීම හා වඩාත් දක්ෂ, පුහුණු වෛද්‍යවරු යටතේ ප්‍රතිකාර කිරීමයි.

අපි මේ වන විට බැංගලෝරයේ මේ වගේ ප්‍රතිකාර සදහා අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. බැංගලෝරයේ ඇපලෝ රෝහල ලංකාවේ ෆෝටේ ඉන්ට්‍රනැෂනල් ආයතනය සමග එකතුවෙලා මේ වගේ රෝගීන්ට තොරතුරු හා පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙහිදී අවශ්‍ය සියලුම තොරතුරු ලබාදීමට කටයුතු කර තිබෙනවා. සම්පූර්ණයෙන්ම නොමිලේ එම තොරතුරු ලබාදීමේ සේවාව ක්‍රියාත්මක කරනවා.

අස්ථි පිළිකා බොහෝ විට දරුවන්ට වැළදෙන්නේ. මුලින්ම අස්ථිවල රිදුම් දීමක් ඇතිවෙනවානම් ඒ ගැන අවධානය යොමු කරන්න. එවිට කල් ඇතිවම රෝගී තත්වයන් හදුනාගැනීමට හැකියාව ලැබෙනවා. අලුත්ම රෝගී  ප්‍රතිකාර ක්‍රම අනුව අත්පා ඉවත් කිරීමෙන් තොරව ප්‍රතිකාර කරන්න පුලුවන්. ඒත් රෝගීන් හා එම රෝගීන්ගේ පවුල්වල සාමාජිකයින් මේ ගැන දැනවත් නැති නිසා අස්ථිවලින් ආරම්භ වන පිළිකාව ශරීරය පුරා පැතිර යන තෙක් බලා සිටිනවා. නැතිනම් අත් පා අහිමිවීමේ ඛේචවාචකයට ලක්වෙනවා. මේ නිසා තමයි මේ පිළිබද ජනතාව දැනුවත් කිරීම සදහා අපි පියවර ගෙන තිබෙන්නේ.

දැනටමත් ලංකාවේ අස්ථි හා මෘදු පටක පිළිකා වැළදී ඇති රෝගීන් ඉන්දියාවේ ගොස් ප්‍රතිකාර ලබානෙ නැවත පැමිණ තිබෙනවා. මෙසේ ලංකාවට පැමිණෙන් රෝගීන්ට අවශ්‍ය සත්කාර සේවාවන් ලබාදීමේ සේවාවක් අපි ෆෝටේ ආයතනය සමග පවත්වාගෙන යනවා. එම සේවාවත් නොමිලේ ලබාදීමට තමයි අපි කටයුතු කර තිබෙන්නේ.


Latest News

අලුත් සභාවේ පළමු රැස්වීමේදී මිලියන ගණනක් වියදම් කරලා ගත්තු තාක්ෂණයෙන් නිල්... අලුත් සභාවේ පළමු රැස්වීමේදී මිලියන ගණනක් වියදම් කරලා ගත්තු තාක්ෂණයෙන් නිල් චිත්‍රපට බැලු සන්ධාන මන්ත්‍රී තිදෙනාට වුණු දේ - විඩියෝව 2018-11-21 - බස්නාහිර පළාත් සභාවේ අයවැය ලේඛනය ඊයේ සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ මන්ත්‍රී... More detail
පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ සිරුරට ගිනි අැවිලෙයි පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ සිරුරට ගිනි අැවිලෙයි 2018-11-21 - මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අද (21) දහවල් කසළ ගොඩකට ගිනි අවුලමින්... More detail
පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාගේ මාරුව පොලිස්පතිම අවලංගු කරයි පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාගේ මාරුව පොලිස්පතිම අවලංගු කරයි 2018-11-21 - ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සහ වද හිංසා කිරීමේ සිද්ධි විමර්ශනය කරමින් සිටි... More detail
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණය දීමේ සාකච්ඡාව කල්දමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණය දීමේ සාකච්ඡාව කල්දමයි 2018-11-21 - ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡා කල් දමා ඇතැයි ජාත්‍යන්තර... More detail
ජනාධිපතිවරණයට එජාපයෙන් එන පොදු අපේක්ෂකයා ගැන ඉගියක් ජනාධිපතිවරණයට එජාපයෙන් එන පොදු අපේක්ෂකයා ගැන ඉගියක් 2018-11-21 - ඉදිරි ජනාධිපතිවරණයට ද තම පක්ෂෙයන් ඉදිරිපත් කරන්නේ පොදු අපේක්ෂකයෙකු බවත් ඔහු... More detail
මන්ත්‍රී ගැටුමේ හානියට රක්ෂණය කර ගහයි මන්ත්‍රී ගැටුමේ හානියට රක්ෂණය කර ගහයි 2018-11-21 - පාර්ලිමේන්තුවේ දේපල වලට සිදුව ඇති අලාභ හානිය සම්බන්ධයෙන් තක්සේරු කටයුතු අද... More detail
සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි 2018-11-21 - ඉන්දියාවේ වර්ධා නගරයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට... More detail
නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි 2018-11-21 - ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර උත්සව ශාලාවකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන්... More detail
ඔස්ට්‍රේලියාවට එරෙහි ඉන්දීය තුරුම්පු අද පිටියට ඔස්ට්‍රේලියාවට එරෙහි ඉන්දීය තුරුම්පු අද පිටියට 2018-11-21 - සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට්... More detail
සභාවේ ටැබ් වලින් අසැබි දසුන් බැලු මන්ත්‍රීවරුන්ට පරික්ෂණ සභාවේ ටැබ් වලින් අසැබි දසුන් බැලු මන්ත්‍රීවරුන්ට පරික්ෂණ 2018-11-21 - බස්නාහිර පළාත් සභාවේ සභාවාරය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹු බව කියන මන්ත්‍රීවරුන්... More detail
ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කතක් ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කතක් 2018-11-21 - ලොව බලගුතම කාන්තාවන් 100 දෙනා අතරට  ශ්‍රීලාංකික කාන්තාවක් වන සුප්‍රකට සාගර ... More detail
ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් අක්‍රීය වෙයි - භාවිතා කරන්නන්ට නිවේදනයක් ෆේස්බුක්  හා ඉන්ස්ටග්‍රෑම් අක්‍රීය වෙයි - භාවිතා කරන්නන්ට නිවේදනයක් 2018-11-21 - ෆේස්බුක් සමාජ ජාල අඩවිය හා ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අඩවිය ඊයේ (20) ලොව පුරා බිද... More detail
කතානායකට ඒරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කතානායකට ඒරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට 2018-11-19 - ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසුරුවා හැර තිබූ පාර්ල... More detail
පාර්ලිමේන්තුව විනාඩි 5කට රැස්වෙයි - ලබන 23 වෙනිදාට කල් තියයි පාර්ලිමේන්තුව විනාඩි 5කට රැස්වෙයි - ලබන 23 වෙනිදාට කල් තියයි 2018-11-19 - නියෝජ්‍ය කතානායක අානන්ද කුමාරසිංහගේ ප්‍රධානත්වයෙන් අද සවස රැස්වු පාර... More detail
කතානායක නැතිව පාර්ලිමේන්තුව රැස්වෙයි කතානායක නැතිව පාර්ලිමේන්තුව රැස්වෙයි 2018-11-19 - පාර්ලිමේන්තුව අද සවස 1ට රැස්වුයේ කතානායක කරු ජයසුරිය නොමැතිව යි. More detail
රාජපක්ෂලා අාණ්ඩු කරන්න හදන්නේ නඩු වලින් බේරෙන්න රාජපක්ෂලා අාණ්ඩු කරන්න හදන්නේ නඩු වලින් බේරෙන්න 2018-11-19 - රාජපක්ෂලා අාණ්ඩුව පෙරලා නව අාණ්ඩුවක් පත් කරගැනීමට උත්සහ කරන්නේ ඔහුන්ට ව... More detail
පොහොට්ටුවට ගාල්ල නගර සභාවේ බලය අහිමි වෙන ලකුණු පොහොට්ටුවට ගාල්ල නගර සභාවේ බලය අහිමි වෙන ලකුණු 2018-11-19 - පසුගිය පළාත් පාලන මැතිවරණයෙහි ගාල්ල මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග... More detail

 

Gossip

Foreign

සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි 2018-11-21 - ඉන්දියාවේ වර්ධා නගරයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට... More detail
නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි 2018-11-21 - ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර උත්සව ශාලාවකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන්... More detail
කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම 2018-11-16 - මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් ... More detail
ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් 2018-11-09 - ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර... More detail
ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි 2018-10-26 - සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝග්ජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වී ඇති බව කී  හඬ පටයට... More detail
ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුග ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුගනී 2018-10-26 - රෙස්ලින් එහෙමත් නැතිනම් මල්ලවපොර කියන්නේ බොහෝ දෙනා නරඹන්න කැමති ක්‍රීඩා More detail
CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් 2018-10-25 - අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිපදෙනෙකු සහ CNN පුවත් සේවය... More detail