නවෝත්පාදන තාක්ෂණික විසඳුම් සැපයීමේ ප්‍රමුඛයෙකු වන SERENDIB CONSULTANTS CANADA සමාගමට අනුබද්ධිත මෙරට සමාගම වන Canada Gateway පුද්ගලික සමාගම තොරතුරු හා සන්නිවේදන  ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදුකරමින් SmartPAL 1  උපාංග මෙරටට හඳුන්වාදීමේ විශේෂ උත්සවයක් පසුගිය අප්‍රේල් 11 වැනිදා කොළඹ කින්ග්ස්බරි හෝටලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට මෙරට දුරකථන සමාගම්, ප්‍රධාන පෙළේ බැංකු සහ Canada Gateway සමාගම වෙනුවෙන් SmartPAL 1  නිෂ්පාදනය කරන චීන සමාගම යන ආයතන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූහ.

SmartPAL 1  යනු තොරතුරු හා සන්නිවේදන  තාක්ෂණයේ වැඩි කාර්යක්ෂමතාවක් මෙන්ම ලාභයක් ළඟාකරදිය හැකි නව සොයාගැනීමකි. මෙම උපාංග ඔස්සේ තොරතුරු හා සන්නිවේදන  ක්‍රියාවලිය වේගවත් වන අතර එහි නිරවද්‍යතාව ද තහවුරු කරයි. එමනිසා එය  තොරතුරු හා සන්නිවේදන  සමාගම් සඳහා කදිම ආයෝජන අවස්ථාවක් ලෙස ද සැළකිය හැක.

මෙම උත්සවය අතරතුරේදී SmartPAL 1 උපාංග මෙරට තොරතුරු හා සන්නිවේදන  තාක්ෂණයට බලපාන ආකාරය මෙන්ම ඒ තුළ අනාගතයේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව ද Canada Gateway සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ලයනල් සමයවර්ධන මහතා කරුණු දැක්වීය.

“මෙය සැබවින්ම අපේ රටේ තොරතුරු හා සන්නිවේදන  ක්ෂේත්‍රයේ අනාගතය, වර්තමානයට කැඳවාගෙන පැමිණි මොහොතක් ලෙස සඳහන් කළ හැකියි. ඕනෑම කාර්යයක් ආරම්භයේ සිට අවසන් වීම දක්වා යම් ක්‍රියාවලියක් තිබෙනවා. තොරතුරු හා සන්නිවේදන  ක්ෂේත්‍රය තුළත් එය එසේමයි. ඉතින් මේ ක්‍රියාවලිය කෙටි කිරීමෙන් සහ එය තාක්ෂණීකරණයට ලක්කිරීමෙන් (digitalization) විශාල කාර්යක්ෂමතාවයක් ළඟාකරගත හැකියි. වැඩි කාර්යක්ෂමතාවයක් කියන්නේ වැඩි ලාභයක් කියන එකයි. ඒ නිසා තොරතුරු හා සන්නිවේදන  ක්ෂේත්‍රයේ වේගය තවත් වැඩිකරන්නත්, ලාභය වැඩිකරන්නත් පුළුවන් අලුත් උපාංගයක් තමයි අපි හඳුන්වා දෙන්නේ” ඔහු පැහැදිලි කළේය.

Canada Gateway සමාගම, මෙම උපාංග දෙකට සමගාමීව ඊට අදාළ පරිගණක වැඩසටහන් ද හඳුන්වා දී තිබේ. ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයෙන් බලගැන්වෙන මෙම උපාංගය නවීන ස්මාට් දුරකථනයක දක්නට ලැබෙන විශේෂාංග රැසකින් සමන්විත අතර ජෛවමිතික තාක්ෂණය, බාර්කෝඩ්, QR කේත කියවීම, මුද්රණය සහ ගෙවීම් කාඩ් කර්මාන්තය දත්ත ආරක්ෂණ ප්රමිතිය (PCI DSS) ඇතුලු ජාත්යන්තර ප්රමිති සහතික මෙම බහුකාර්ය උපාංගයට ඇතුලත් වීම තවත් විශේෂත්වයකි.

“ඉදිරියේදී අපේ රටේ තාක්ෂණ ක්ෂේත්‍රයේ නව පෙරළි ගණනාවක් සිදුකිරීමට අපි සැලසුම් සකස් කරමින් සිටිනවා. පහසු මිලක් යටතේ ශ්‍රී ලාංකිකයන්ට ලොව උසස්ම තත්ත්වයේ ලැප්ටොප් පරිගණක සහ ටැබ්ලට් මිලදීගැනීමේ අවස්ථාව සලසා දෙමින් අලුත් නිෂ්පාදනයක් හඳුන්වාදෙන්නත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම බැංකු ක්ෂේත්‍රය තුළත් තාක්ෂණය එකතු කරගත් නව හඳුන්වාදීම් රැසක් සම්බන්ධයෙන් අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නවා. ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමනේදී තාක්ෂණයට කළ හැකි දේ බොහෝමයි. ඒ පිළිබඳ නිවැරදි දැක්මකින් යුතුව අවශ්‍ය ඕනෑම අංශයකට නවෝත්පාදන තාක්ෂණීකරණ විසඳුම් සැපයීමට අපි සැදී පැහැදී සිටිනවා” යනුවෙන් ආචාර්ය සමයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

SERENDIB CONSULTANTS CANADA සමාගමේ දැක්ම වන්නේ ද Innovations for tomorrow (අනාගතය සඳහා නවෝත්පාදන) යන්නයි. ඒ දැක්ම, ඉලක්කය අනුව යමින් දේශීය මෙන්ම විදේශීය නවෝත්පාදන තාක්ෂණික කණ්ඩායම් සම්බන්ධ කරගනිමින් නව නිපැයුම් සිදුකිරීමට ද සමාගම සිය නිරන්තර අවධානය යොමුකර සිටී.

“අපේ රටේ බොහෝ අංශ තවමත් ප්‍රමාණවත් අයුරින් තාක්ෂණීකරණයට බඳුන් වී නැහැ. ඒ තත්ත්වය වෙනස් නොවුණොත් අපිට තරගකාරී ලෝකය තුළ ඉදිරියට යා නොහැකියි. අනෙක් අතට පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාත් දිනෙන් දින සංකීර්ණ වෙනවා. ඒ නිසා තාක්ෂණය සහ නවෝත්පාදන කියන්නේ සෑම ක්ෂේත්‍රයකටම නැතුවම බැරි දෙයක්” ආචාර්ය සමයවර්ධන පෙන්වාදුන්නේය.


Latest News

ඇමැතිවරුන්ගේ නම් විකුණමින් ජර්මන් රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු අත්අඩං ඇමැතිවරුන්ගේ නම් විකුණමින් ජර්මන් රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු අත්අඩංගුවට 2018-08-14 - අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ සේවය කරන බව සහ ආණ්ඩුවේ ප්‍රභල ඇමැතිවරයකුගේ ... More detail
අද 20-20ට හැප්පෙන පිටිය මාලිංගට - කුසල්ට වාසියි අද 20-20ට හැප්පෙන පිටිය මාලිංගට - කුසල්ට වාසියි 2018-08-14 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, කොළඹ - ආර්.... More detail
අජන්ත ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළ ලංකාවට ලෝක කුසලානය ගෙනෙයි අජන්ත ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළ ලංකාවට ලෝක කුසලානය ගෙනෙයි 2018-08-14 - එංගලන්තයේ පැවැති "ලාස්ට් මෑන් චාන්ස්" පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් ... More detail
හලාවත වාහන 4ක් එකිනෙක ගැටී සිදුවූ අනතුර හලාවත වාහන 4ක් එකිනෙක ගැටී සිදුවූ අනතුර 2018-08-14 - හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලමට ආසන්නයේදී වාහන 04 ක් එකිනෙක ගැටීමෙන් අද... More detail
ඥාණසාර හිමියන් ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඥාණසාර හිමියන් ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට 2018-08-14 - බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශල්‍යකර්මය... More detail
උසස් පෙළ විභාගය ලියන සිසුවෙකු ළග ජංගම දුරකථනයක් තිබිලා උසස් පෙළ විභාගය ලියන සිසුවෙකු ළග ජංගම දුරකථනයක් තිබිලා 2018-08-14 - උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු ළඟ ජංගම දුරකථනයක් භාවිතා කරමින් උසස් පෙළ... More detail
රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව 2018-08-14 - වයස අවුරුදු 31 ක් වූ ඉන්දීය සරාගී නිළි කන්ගනා ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනු ඇති... More detail
පළමු විස්සයි විස්ස තරගය අද පළමු විස්සයි විස්ස තරගය අද 2018-08-14 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, කොළඹ - ආර්.... More detail
9 හැවිරිදි දියණිය මාමා අපයෝජනය කරලා 9 හැවිරිදි දියණිය මාමා අපයෝජනය කරලා 2018-08-14 - බාලවයස්කාර පාසල් සිසුවියකට බරපතළ ලිංගික අපයෝජනය සිදු කළ බවට සැක පිට දැරියගේ... More detail
අකිල ක්‍රිකට් දිවියේ හොදම ශ්‍රේණිගත කිරීම ලබයි අකිල ක්‍රිකට් දිවියේ හොදම ශ්‍රේණිගත කිරීම ලබයි 2018-08-14 - එක්දින ක්‍රිකට් පිටියේ පන්දු යවන්නෙක් වශයෙන් සිය හොදම ශ්‍රේණිගත කිරීම වාර්තා... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-08-13 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
කථානායක අගමැතිට බයයි - අපි ප්‍රශ්නයක් ඇහුව්වාම එතුමා අගමැතිවරයා දිහා බලනවා කථානායක අගමැතිට බයයි - අපි ප්‍රශ්නයක් ඇහුව්වාම එතුමා අගමැතිවරයා දිහා බලනවා 2018-08-13 - කථානායක කරු ජයසූරිය ඒකාබද්ධ විපක්ෂය පිළි නොගන්නේ නම් තමන්ද කථානායකවරයා පිළි... More detail
"දැන් හැමදෙයක්ම අනිත් පැත්තට යන්නේ, එතුමා නපුංසකයෙක්ද කියලා අපි දන්නේ කොහොමද... 2018-08-13 - පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් වසර අටක සිර දඬුවම පිළිබදව කතාබහට... More detail
දෙපැත්තට ගිහින් මම අතරමං වුණා දෙපැත්තට ගිහින් මම අතරමං වුණා 2018-08-13 - ආණ්ඩුවේ පාර්ශවයන් අතර පවතින අර්බුදයන් හේතුවෙන් තමන් ද අතරමන් වී ඇති බව පාර... More detail
2020 ජනාධිපතිවරණය ගැන පැතිරුණු කටකතාවලට සංගා පිළිතුරු දෙයි 2020 ජනාධිපතිවරණය ගැන පැතිරුණු කටකතාවලට සංගා පිළිතුරු දෙයි 2018-08-13 - තමා කිසි දිනෙක දේශපාලනයට නොපැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ... More detail
බැසිල් - ගෝඨා රට පනී - නාමල්ගේ විරෝධතාවයටත් එන්නේනෑ බැසිල් - ගෝඨා රට පනී - නාමල්ගේ විරෝධතාවයටත් එන්නේනෑ 2018-08-13 - බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය... More detail
මංගල දැන්වීමෙන් හොයාගත් මනාලයා විවාහයටත් කලින්ම දෑවැද්දත් අරන් ගිහින් මංගල දැන්වීමෙන් හොයාගත් මනාලයා විවාහයටත් කලින්ම දෑවැද්දත් අරන් ගිහින් 2018-08-13 - පුවත්පතක පලකරන ලද දැන්වීමක් ඔස්සේ  කාන්තාවකට විවාහ පොරොන්දු දුන් පුද්ගලයකු... More detail

 

Gossip

Foreign

රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව 2018-08-14 - වයස අවුරුදු 31 ක් වූ ඉන්දීය සරාගී නිළි කන්ගනා ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනු ඇති... More detail
ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට 2018-08-06 - වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මාදුරෝ ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට මේ වන... More detail
සිගිත්තා වඩා ගෙන රාජකාරියට ආ අගමැතිනිය සිගිත්තා වඩා ගෙන රාජකාරියට ආ අගමැතිනිය 2018-08-03 - තම පළමු දරුවට උපත ලැබීමෙන් සති හයකට පසු නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් තම... More detail
අගමැති පුටුෙව් දිවුරුම් දෙන ක්‍රිකට් ඛාන්ට සුබ පතන්න එන ක්‍රීකට් සගයෝ අගමැති පුටුෙව් දිවුරුම් දෙන ක්‍රිකට් ඛාන්ට සුබ පතන්න එන ක්‍රීකට් සගයෝ 2018-08-02 - හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක ඉම්රාන් ඛාන් පකිස්තානයේ අග‍්‍රාමාත්‍යවරයා... More detail
මැතිවරණයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරියෙන් මැතිවරණයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරියෙන් 2018-07-26 - පාකිස්ථාන මහ මැතිවරණයේ මෙතෙක් ලැබී ඇති නිල නොවන ප්‍රතිඵල වලට අනුව හිටපු ක්... More detail
සුපිරි නිළි සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා මාරයා සමග සටනක සුපිරි නිළි සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා මාරයා සමග සටනක 2018-07-23 - අනූව දශකයේ අගභාගයේ බොලිවුඩ් සිනමාවට පිවිසි සුරෑපි නිළි සොනාලි බෙන්ද්‍රේ (sonali... More detail
ලොවක් බලා සිටියදී අහසේ ඇවිදපු තරුණිය මෙන්න - විඩියෝව ලොවක් බලා සිටියදී අහසේ ඇවිදපු තරුණිය මෙන්න - විඩියෝව 2018-07-23 - ප‍්‍රංශයේ පැරිස් නුවර ඉහළ අහසේ අදින ලද කම්බියක් මත මීටර් 35 ක දුරක් ඇවිද ගිය ... More detail