කලා ක්ෂේත්‍රය, රූපලාවන්‍ය ක්ෂේත්‍රය යන ක්ෂේත්‍රයන් කිහිපයක් තුළ එක් කෙනෙක් කටයුතු කරනවා කියන්නේ අමාරු වැඩක්.

ගොඩක් දෙනාට කාර්යබහුලත්වයක් එක්ක එක දෙයකට කාලය වෙන් කර ගන්න එකත් ලේසි වෙන්නේ නෑ. රංගන ශිල්පිනියක් වුණු නයනා කුමාරි ව්‍යාපාරිකාවක් විදිහටත් ලොකු ගමනක් යන කෙනෙක්. සැලුන් නයනා හි හිමිකාරිණිය වන ඇය සිය ව්‍යාපාරික ජිවිතය ගැන අපිත් එක්ක කතාබහකට එකතු වුණා.

කලාවත් එක්ක කාලය ගත කරමින් ඉදලා  ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු වන්නේ ඇයි?

මම මුලින්ම සම්බන්ධ වුණේ කලාවට. කලාවත් එකක්  මගේ ජිවිතේ ගොඩක් කාර්යබහුල වුණා. ඊට පස්සේ මගේ විවාහයත් විවාහයෙන් පස්සේ දරුවා ලැබුනට පස්සේත් මම ටිකක් කලා ජිවිතෙන්  ඈත් වුණා. එහෙම ඉද්දි මගේ කියලා දෙයක් පටන් ගන්න හිතුණා. දන්න රූපලාවන්‍ය ක්ෂේත්‍රෙයන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතුණේ ඒ අවස්ථාවේදී.

ඒ මුල් අදහස ආවට පස්සේ ඔබ ආරම්භය ගන්නේ මොනවිදිහට ද?

දැන් වෙද්දි අවුරුදු දොළොහක් වගේ වෙනවා මම මේ ක්ෂේත්‍රයට ඇවිත්. අවුරුදු දහයක් වගේ වෙනවා සැලුන් එක දාලා. මුල් ම දවස්වල මම ගෙදර තමයි සැලුන් එකේ වැඩ කරේ. මනාලියන් හැඩ ගැන්වීම් වුණත් ගෙදර කරා. ඊට පස්සේ මම වෙනම තැනක සැලුන් එක කරගෙන යන්න පටන් ගත්තා.   අලුතින් රූපලාවන්‍ය ද්‍රව්‍ය එහෙම එකතු කරලා සැලුන් එක දියුණු කරා. කලා ජිවිතේ වගේම මගේ ව්‍යාපාරයත් දෙකම මම සමබරව කර ගෙන ගියා.

කස්ටමස්ලා ඇදගනිමින් දිනෙන් දින ඔබ දියුණු වෙනවා...?

සැලුන් එක දාපු මුල් කාලේ ඉදලා ආපු කස්ටමස්ලා සේරම ලා අද ටත් මාත් එකක් ඉන්නවා. මගේ සැලුන් එකට එනවා යනවා. හරිම විශ්වාසයෙන් මාත් එක්ක ඒ කට්ටිය රුදි ඉන්නවා. ඒත් එක්කම ලොකු ජනප්‍රියත්වයක් මගේ සැලුන් එකට ලැබුනා. 

මේ ආපු ගමනේ අභියෝග ගැන කතා කළොත්?

නෑ අභියෝග කියලා කියන්න දෙයක් නැ. මම subject එක දැන ගෙන තමයි ව්‍යාපාර ක්ෂේත්‍රයට ආවේ. හැම දේම හොදට අරගෙන ආපු නිසා ප්‍රශ්නයක්  වුණේ නැහැ. මම මටම තමයි අභියෝගයක් වුණේ. මගේ දේ දියුණු කරගෙන ඉදිරියට ගියා.

එහෙනම ආපු ගමන් මග තුළ බිද වැටීම් තිබුණාද?

ඊරිෂියා කරපු කට්ටිය ඉන්න ඇති ඕන කරම්. ඒත් මං දන්නවානේ මගේ ගමන හරි ගමනක් කියලා. ඉතින් මම ඒ වගේ දේවල් ගණන් ගත්තේ නැහැ. ඵල ඇති රුකටමනේ සේරම ප්‍රශ්න කියලා මම ව්‍යාපාරය දියුණු කරගත්තා. හොර බොරු වලින් නැතුව ව්‍යාපාරය ආසාවකින් කරන් ගියා. කස්ටමස්ලාට හොදම දේ කරනවා මිසක්  සල්ලි මත්තේ මැරෙන කෙනෙක් නෙමේ.

මේ විදියට කස්ටමස්ලා ගොඩක් එන යන සැලුන් එකක් කරන්න අත හිත දුන්න අය මතක් වුණොත්?

මුලින් ම මතක් කරන්න ඕන ගයාත්‍රීව. එයා තමයි ඔයාට පුළුවන්නේ මෙහෙම දෙයක් කරන්න  කියලා මාව මේකට යොමු කළේ. මුල් බීජය අරන් දුන්නේ ගයාත්‍රි. එවගේම හැම වේලේම හෙවනැල්ල වගේ මගේ මහත්තයා මාත් එක්ක හිටියා.

ඔබත් එක්ක මේ ගමනට එකතු වුණු පිරිසකුත් ඇති?

එදා මම මේ ගමන 5 දෙන්නේගෙන් ආරම්භ කරා අදත් ඒ අය මාත් එක්ක ඉන්නවා. මම නියම විදියට හොදම දේ කරන කෙනෙක් ඉතින් මට ලොකු ව්‍යාපාර ආදායම් ආදිය වැදගන් නෑ.  මේ අවුරුද්දේ අග වෙද්දි තව ශාඛාවක් ආරම්භ කරන්නත් බලාපොරොත්තු වෙනවා. මම හොදම තත්ත්වයේ දේවල් වලින් මගේ සැලුන් එක පවත්වාගෙන යන්නේ. මුදල් මතම වැඩ කරන් නැ. එහෙම වුණොත් වෙන්නේ සල්ලි විතරයි කස්ටමස්ලාට හොද දෙයක් කරන්න වෙන් නැ.

ව්‍යාපාරික කාන්තාවක් විදිහට කාන්තාවන්ට කියන්න තියෙන්නේ මොකද්ද?

දරුවෝ බලාගෙන ගෙදරට වෙලා කාන්තාවෝ ඉන්න ඕන කියන අදහස දැන් නැ. ගෙදර මුල්ලට වෙලා කාන්තාව ඉන්න ඕනත් නෑ. මොනවා හරි කරලා කාටවත් අත නොපා ජිවත් වෙන විදිහයි අපි හිතන්න ඕන. පුංචියට පටන් ගෙන දෙයක් කරන්න කාන්තාවෝ විදිහට අපි වැඩ කරන්න ඕන. පොඩියට වුණත් පටන් ගන්න පුළුවන්. ඉස්සෙල්ලා පොඩියට පටන් අරන් බලන්න ඕන සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියලා බලන්න. නැත්තම් එක පාර විශාල මුදලක් යට කළොත් සමහර විට අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය නොලැබෙන්න පුළුවන්. ණයත් නැතුව බරත් නැතුව නැගිටින්න අපි හිතන්න ඕන.

සාකච්ජා කළේ 

අනුකි ජයලත්


Latest News

“නළු නිළියන් ජනප්‍රිය වුණේ නාට්‍ය නිසා“ - ගමේ ගිය සමල්කා දෙවැනි ඉනීමෙන් සමුගනී... “නළු නිළියන් ජනප්‍රිය වුණේ නාට්‍ය නිසා“ - ගමේ ගිය සමල්කා දෙවැනි ඉනීමෙන් සමුගනී - කතාවේ ඉදිරියට වෙන දේ අධ්‍යක්ෂක කියයි 2018-10-19 - කාලයක් තිස්සේ ප්‍රේක්ෂකයන් ආදරය කරන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි දෙවෙනි ඉනිම... More detail
කාන්තා විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිල මෙන්න කාන්තා විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිල මෙන්න 2018-10-19 - බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදි එළැඹෙන මස 09 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත කාන්තා... More detail
මම ප්‍රජාතන්ත්‍රවාදී මුර දේවතාවෙක් - ඕනේ නම් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර... මම ප්‍රජාතන්ත්‍රවාදී මුර දේවතාවෙක් - ඕනේ නම්  ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගන්නම් - ගෝඨා කියපු කතාව 2018-10-19 - තමනට අවශ්‍යතාවයක් වූවහොත් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට සූදානම් බව... More detail
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට අත්අඩංගුවට ගැනීමට පියවර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට අත්අඩංගුවට ගැනීමට පියවර 2018-10-19 - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන ඉදිරි සතිය තුළ අපරාධ පරී... More detail
සිරකරුවන් සිය ගණනක් ඉදිරිපිට නිරුවත් කලා - ජොන්ස්ටන් කියන ආන්දෝලනාත්මක විඩ සිරකරුවන් සිය ගණනක් ඉදිරිපිට නිරුවත් කලා - ජොන්ස්ටන් කියන ආන්දෝලනාත්මක විඩියෝව 2018-10-19 - තමන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි කාලය තුලදී මූලික මිනිස් අයිතිවාසිකම් පවා... More detail
අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ අවසන් වාර්තාව එළියට - දැවැන්තයන් කිහිප දෙනෙකුටම තරග...  අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ අවසන් වාර්තාව එළියට - දැවැන්තයන් කිහිප දෙනෙකුටම තරග පාවාදීම් 2018-10-19 - ශ්‍රී ලංකාවට පැමිණ සති තුනක පමණ කාලයක් විමර්ශන කටයුතුවල නිරතවූ ඇලෙක්ස් මාෂල්... More detail
මෛත්‍රී ඉන්දියාව සමග පටලවන්න රනිල්ගෙන් කුමන්ත්‍ර‍ණයක් මෛත්‍රී ඉන්දියාව සමග පටලවන්න රනිල්ගෙන් කුමන්ත්‍ර‍ණයක් 2018-10-19 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා (16) පැවති කැබිනට් රැස්වීමේ දී ඉන්දියාව... More detail
ගෝඨා විශේෂ මහාධිකරණයට ගෝඨා විශේෂ මහාධිකරණයට 2018-10-19 - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ මහාධිකරණ නඩු විභාගයක් අද (19)... More detail
මේ වසරේදී පූජිත මිලියන 63ක් තෑගි දීලා මේ වසරේදී පූජිත මිලියන 63ක් තෑගි දීලා 2018-10-19 - නීතිය ක්‍රියාත්මක කිරීමේදී දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන්ට හා සහයෝගය දැක්වූ... More detail
කැබිනට් මණ්ඩලයේ ඉන්නත් ලැජ්ජයි කැබිනට් මණ්ඩලයේ ඉන්නත් ලැජ්ජයි 2018-10-19 - කැබිනට් මණ්ඩලය තුළ කතාබහ නොකරන දේවල් විවිධ අන්දමින් නිර්මාණය කර එළියට ලබාදෙන... More detail
ජනපති කිව්වත් BOC - මහජන බැංකුව - BOI අධ්‍යක්ෂකවරු යන්න බැහැ කියයි ජනපති කිව්වත් BOC - මහජන බැංකුව - BOI අධ්‍යක්ෂකවරු යන්න බැහැ කියයි 2018-10-19 - මහජන බැංකුව , ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන අයතනවල සභාපතිවරුන් හා... More detail
පාසල් යන්න ඇවිත් පෙම්වතියගේ නිවසේ පෙම් සුව විඳලා පියාටත් ගහලා පෙම්වතිය අරන්... පාසල් යන්න ඇවිත් පෙම්වතියගේ නිවසේ පෙම් සුව විඳලා පියාටත් ගහලා පෙම්වතිය අරන් ගිහින් 2018-10-18 - පාසල් යන මුවාවෙන් නිවසින් පිටව ගොස්‌ ඇති සිසුවියන් දෙදෙනකු පාසල් වියේ පෙම... More detail
තාත්තා නැතිව අම්මා රට ගිහින් ආච්චි ළග තනි වුණු සිසුවිය වසර ගණනක් සිට මාමා අතින්... තාත්තා නැතිව අම්මා රට ගිහින් ආච්චි ළග තනි වුණු සිසුවිය වසර ගණනක් සිට මාමා අතින් දුෂණය වෙලා 2018-10-18 - මිත්තනියගේ රැකවරණය යටතේ සිටි වයස අවුරුදු 14 ක දියණියක් සිය මාමා විසින් අපයෝ... More detail
මෛත්‍රී - රනිල් අවුල ලෙහන්න මහින්ද සමරසිංහ මැදිහත් වෙයි - වැරදි බාරගනී මෛත්‍රී - රනිල් අවුල ලෙහන්න මහින්ද සමරසිංහ මැදිහත් වෙයි - වැරදි බාරගනී 2018-10-18 - කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කැ... More detail
මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි 2018-10-18 - T.I. නැතහොත් Clifford Harris කියන්නේ බටහිර සංගීතයේ ඉන්න දැවැන්ත චරිතයක්. More detail
පැණිබීම සමාගම් සහන ඉල්ලයි - සුව ඇමැති කියයි පැණිබීම සමාගම් සහන ඉල්ලයි - සුව ඇමැති කියයි 2018-10-18 - ජාතික ආර්ථීක සභාවේ දී පැණිබිම සමාගම් සහන ඉල්ලා සිටි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය... More detail

 

Gossip

Foreign

මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි 2018-10-18 - T.I. නැතහොත් Clifford Harris කියන්නේ බටහිර සංගීතයේ ඉන්න දැවැන්ත චරිතයක්. More detail
මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී 2018-10-17 - මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ වන පෝල් ඇලන් පසුගිය සදුදා (15) මිය ගිය බව විදෙස් ව... More detail
හැරී සහ මේගන් දරු සුරතල් බලන්න සුදානමින් හැරී සහ මේගන් දරු සුරතල් බලන්න සුදානමින් 2018-10-16 - මහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් හි ආදිපාදවරිය හෙවත් මේගන් මර්කල් කුමරිය ලබන වසරේ... More detail
27 වෙනි තට්ටුවෙන් පහතට ඇද වැටී මියගිය සුරුපිණිය (PHOTOS/VIDEO) 27 වෙනි තට්ටුවෙන් පහතට ඇද වැටී මියගිය සුරුපිණිය (PHOTOS/VIDEO) 2018-10-15 - සෙල්ෆි ජායාරුපයක් ගැනීමට උත්සහ කළ 27 හැවිරිදි තරුණ කාන්තාවක් සුපිරි මහල් නිවාස... More detail
ට්‍රම්ප් අතහැර මෙලනියා ගිය ගමන ට්‍රම්ප් අතහැර මෙලනියා ගිය ගමන 2018-10-11 - ඇමෙරිකා ජනාධිපති ආර්යාව අප්‍රිකා රටවල නිල සංචාරයක යෙදී තිබෙනවා. More detail
ඉන්දියාවේ දුමිරිය අනතුරින් පුද්ගලයින් හතක් මරුට ඉන්දියාවේ දුමිරිය අනතුරින් පුද්ගලයින් හතක් මරුට 2018-10-10 - ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින්... More detail
ලෝකයේ පළමු වරට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍ය ධුරයක් ලෝකයේ පළමු වරට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍ය ධුරයක් 2018-10-10 - දිනෙන් දින ඉහළ යමින් තිබෙන සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාවය වලක්වා ගැනීම සදහා... More detail