මහජන බැංකුවේ ශාඛාවක සේවකයින් හට තර්ජනය කිරීම සහ අම්පාර ශාඛා පරිශ‍්‍රය තුළ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මහජන බැංකුවේ සේවකයින් හත් (7) දෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

පසුගිය නොවැම්බර් මස 21 වැනි දින මහජන බැංකුවේ අම්පාර ශාඛාවට පැමිණි ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරන සේවකයින් පිරිසක් ශාඛා කළමණාකාරවරයාට තර්ජනය කර කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් බැංකුවේ කළමණාකාරිත්වය විසින් පැවැත්වූ පරික්ෂණයකින් පසු මෙම පියවර ගෙන ඇත.

මෙම වෘත්තීය සමිති නියෝජිතයින් මෙලෙස විනය විරෝධි ලෙස හැසිරී ඇත්තේ බැංකු පරිශ‍්‍රය තුළ වීම නිසා ශාඛාවේ රාජකාරී කටයුතු වලට ද බාධා එල්ල වී තිබේ.

මහජන බැංකුවේ ක‍්‍රියාත්මක වන සේවක චක‍්‍රලේඛ අනුව සාමාන්‍යාධිකාරීතුමන්ගේ අනුමැතියකින් තොරව ශාඛා පරිශ‍්‍රයන් තුළ පත‍්‍රිකා බෙදීම, බැනර් ප‍්‍රදර්ශනය කිරීම, රැුස්වීම් පැවැත්වීම, අත්පොත් බෙදීම වැනි කටයුතු සිදු කිරීම විෂමාචාරයක් වන අතර අදාල චක‍්‍රලේඛයන් උල්ලංඝනය කරමින් එවැනි කටයුතු සිදු කරන සේවකයින් සම්බන්ධයෙන් විනය නීති අනුව ක‍්‍රියාකළ යුතුය.

බැංකුවේ විනය සංග‍්‍රහය අනුගමනය කරමින් සහකාර සාමාන්‍යාධිකාරිවරුන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් මගින් අදාල සේවකයින් විසින් අම්පාර ශාඛාවේ සිදු කරන ලද විෂමාචාර පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීය. ඒ අනුව, එම පරික්ෂණ මගින් නිර්දේශ වූයේ අදාල සේවකයින් හත් දෙනා බැංකුවේ චක‍්‍රලේඛ උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති නිසා ඔවුන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ යුතු අතර චෝදනාපත‍්‍ර නිකුත් කිරීමෙන් පසුව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

අදාල සේවකයින් සේවයේ රැුඳී සිටිමින් එම පරික්ෂණ සඳහා බාධා හා බලපෑම් එල්ල කිරිමේ සහ බැංකුවේ කටයුතු අඩපණ කිරිමේ අරමුණින් විවිධ කටයුතු සිදු කිරීමේ උත්සාහයක ද නිරත වීම හේතුවෙන් බැංකුවේ විනය නීති පටිපාටිය අනුව, විනිවිදභාවයෙන් යුතු නිදහස් හා සාධාරණ පරික්ෂණයක් පවත්වාගෙන යාමට එල්ල විය හැකි බාධාවන් වලක්වා ගැනීම සඳහා මෙවැනි තීරණයක් ගෙන ඇත. එම තීන්දුව ගෙන ඇත්තේ කිසිදු පාර්ශවයක බලපෑමක් මත නොවන බව මහජන බැංකුව අවධාරණය කර සිටියි.

තවද, අදාල සිදුවීම සම්බන්ධයෙන් බැංකුව විසින් අම්පාර පොලීසියට සහ පොලිස් මූලස්ථානය වෙත ද පැමිණිලි කළ අතර පොලිස් දොපර්තමේන්තුව විසින් ද ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වයි.

මහජන බැංකුව සේවා සපයන ආයතයක් වන බැවින් බැංකුවේ කටයුතු වලට හානි කරවන ආකාරයේ විෂමාචාර සිදුකරන සේවකයින් සම්බන්ධයෙන් පියවර ගැනීම මහජන බැංකුවේ පැවැත්ම හා උන්නතිය වෙනුවෙන් අත්‍යාවශ්‍ය කරුණක් බව මේ ගැන බැංකුව පළ කර තිබෙන නිවේදනයේ දැක්වේ. 


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-01-17 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
මහින්දයේ නවෝද්‍ය අන්තර් පාසල් ක්‍ර‍ිකට් වල නව වාර්තාවක් තියයි මහින්දයේ නවෝද්‍ය අන්තර් පාසල් ක්‍ර‍ිකට් වල නව වාර්තාවක් තියයි 2018-01-17 - සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 13 පහල හා 15 පහල (පලමු පෙල) ඉතිහාසයේ පලමු... More detail
මහින්ද ඊළගට ගහන පෝස්ටරය ගැන ලක්ෂ්මන් යාපා කියයි මහින්ද ඊළගට ගහන පෝස්ටරය ගැන ලක්ෂ්මන් යාපා කියයි 2018-01-17 - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පෝස්ටර් ගහගෙන ආණ්ඩු හදන්න දගලන ආකාරයටම ඊළගට... More detail
විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ක්ෂේත්‍ර ඉහළනංවන්න රුසියාව සමග සාකච්ජා විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ක්ෂේත්‍ර ඉහළනංවන්න රුසියාව සමග සාකච්ජා 2018-01-17 - දිවයිනට පැමිණ සිටින රුසියාවේ රොසැටම් රාජ්‍ය සංස්ථාවේ නියෝජිත පිරිසක් හා ... More detail
මෛත්‍රී ඉවත්වෙනවා නම් රනිල් ජනාධිපති කරන්න අපි සුදානම් මෛත්‍රී ඉවත්වෙනවා නම් රනිල් ජනාධිපති කරන්න අපි සුදානම් 2018-01-17 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධූරයේ සිටිය නොහැකි යැයි ඉවත් වනවා නම්... More detail
මෛත්‍රී නැගිට ගිය වේදනාව රාජිත හෙළිකරයි මෛත්‍රී නැගිට ගිය වේදනාව රාජිත හෙළිකරයි 2018-01-17 - පිට ඉදන් ගහනවට වඩා ආණ්ඩුව ඇතුලේ සිට ගහද්දී වේදනාව වැඩි බව කැබිනට් සම මාධ්‍ය... More detail
වික්ටර්ගේ බිරිදට අද ලැබුණු තීන්දුව මෙන්න වික්ටර්ගේ බිරිදට අද ලැබුණු තීන්දුව මෙන්න 2018-01-17 - රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ර... More detail
කැබිනට්ටුව අතරතුර මෛත්‍රී නැගිට යාම ගැන රාජිත අමුතු කතාවක් කියයි කැබිනට්ටුව අතරතුර මෛත්‍රී නැගිට යාම ගැන රාජිත අමුතු කතාවක් කියයි 2018-01-17 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (16) පැවති කැබිනට් රැස්වීම අතරතුර නැගිට ගියේ... More detail
ඩිංගියෙන් ගෙනියන්න හැදු රත්තරන්වලට වුණු දේ මෙන්න ඩිංගියෙන් ගෙනියන්න හැදු රත්තරන්වලට වුණු දේ මෙන්න 2018-01-17 - රුපියල් මිලියන 50කට වැඩි වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් උතුරු මුහුදේ දී නාවික... More detail
ජල රොකට්ටුවෙන් කොළඹ රාජකීයන් ගිනස් පොතට ගිය හැටි මෙන්න ජල රොකට්ටුවෙන් කොළඹ රාජකීයන් ගිනස් පොතට ගිය හැටි මෙන්න 2018-01-17 - තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට... More detail
කාසියේ වාසිය දිනා ගනිමින් ඇන්ජි දෙවැනි ගමන අරඹයි කාසියේ වාසිය දිනා ගනිමින් ඇන්ජි දෙවැනි ගමන අරඹයි 2018-01-17 - බංගලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කන්ඩායම මුහුණ දෙන... More detail
බැදුම්කර මුලික වාර්තාව ලබාදීම ගැන රවී කියන තද කතාව මෙන්න බැදුම්කර මුලික වාර්තාව ලබාදීම ගැන රවී කියන තද කතාව මෙන්න 2018-01-17 - ජනාධිපති කාර්යාලයේ කිහිප දෙනෙකුගේ අවශ්‍යතාව මත බැදුම්කර කොමිසමේ මූලික වා... More detail
ගායන ශිල්පි රජිව් අත්අඩංගුවට ගැනීමට නියෝග ගායන ශිල්පි රජිව් අත්අඩංගුවට ගැනීමට නියෝග 2018-01-17 - සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට රුපියල්  ලක්ෂ තුනක අත්තිකාරමක් ලබාගෙන එම ප්‍... More detail
ශ්‍රීලනීපයට වුණ දේට වගකියන්න ඕනේ මහින්දයි ශ්‍රීලනීපයට වුණ දේට වගකියන්න ඕනේ මහින්දයි 2018-01-17 - එජාපය එක්ක ආණ්ඩු කිරිම ගැන චෝදනා කළත්, ශ්‍රී ලනිපක්ෂයට එවැනි තත්ත්වක් ඇති කළේ... More detail
බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් 2018-01-17 - බාලවයස්කාර විවාහ සම්බන්ධයෙන් අධිකරණයක් විසින් ලබාදුන් සුවිශේෂී තීන්දුවක්... More detail
බේරුවලදී තරුණියක් දුම්රියට බිලි වෙයි බේරුවලදී තරුණියක් දුම්රියට බිලි වෙයි 2018-01-17 -  මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වු දුම්රියක ගැටීමෙන් ඊයේ (16) බේරුවල, මරක්කලාවත්ත... More detail
මැතිව්ස් අද දෙවැනි ගමන අරඹන හැටි මෙන්න මැතිව්ස් අද දෙවැනි ගමන අරඹන හැටි මෙන්න 2018-01-17 - ඇන්ජෙලෝ මැතිව්ස් ඔහුගේ නායකත්වයේ දෙවැනි ගමන අද (17) බංග්ලාදේශයේ ඩැකා නුවරදී ... More detail

 

Gossip

Foreign

බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් 2018-01-17 - බාලවයස්කාර විවාහ සම්බන්ධයෙන් අධිකරණයක් විසින් ලබාදුන් සුවිශේෂී තීන්දුවක්... More detail
දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් 2018-01-16 - දකුණු චීන මුහුදේ ගිලූණු ඉරාන සාංචි තෙල් නැව හේතුවෙන් එහි විශාල තෙල් පැල්ලමක්... More detail
පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් 2018-01-15 - දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ දකුණ ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 7.1 ක ප්‍රබලත... More detail
පොලේ බඩු විකුණනවා වගේ පොලේ තියන් තරුණියන් විකුණලා පොලේ බඩු විකුණනවා වගේ පොලේ තියන් තරුණියන් විකුණලා  2018-01-15 - මුදලට හැමදේම විකිණෙන අද කාලේ අදහාගන්න බැරි දේවලුත් සිද්ධ වෙනවා. More detail
පොලීසියේ ඉද්දී තරුණියන් 22ක් දුෂණය කර මරලා පොලීසියේ ඉද්දී තරුණියන් 22ක් දුෂණය කර මරලා 2018-01-12 - හිටපු රුසියානු පොලිස් නිලධාරියෙකු තරුණියන් 22 ක් දුෂණය කර මරා දැමිමේ  බියකරු... More detail
සචින් ටෙන්ඩුල්කාර්ගේ දියණියව පැහැරගන්න ගිය කෙනාට සිදු වුණු දේ මෙන්න සචින් ටෙන්ඩුල්කාර්ගේ දියණියව පැහැරගන්න ගිය කෙනාට සිදු වුණු දේ මෙන්න 2018-01-12 - ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ දියණිය වූ සාරා තෙන්ඩුල්කාර්ට ... More detail
අයහපත් කාලගුණයෙන් 13 දෙනෙක් මරුට අයහපත් කාලගුණයෙන් 13 දෙනෙක් මරුට 2018-01-11 - දකුණු දිග කැලිෆෝනියාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින්... More detail