2020 ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරොත් එක දවසෙන් මේ රටේ ණය ටික ඔහුට ගෙවලා දාන්න පුළුවන් කියල කියන කෙනෙක් ලංකාවේ ඉනන්වා.

ඔහු නමින් රොහාන් පල්ලෙවත්ත. ඉරිදා apple පත්තරේ සමග රොහාන් පල්ලෙවත්ත කළ සාකච්ඡාවේදියි මේ කරුණු අනාවරණය වෙලා තියෙන්නේ.

ඔබතුමාගේ වාසගම එක්ක වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සම්බන්දයක් තියෙනවද?

ඔව්. එතුමාත් පල්ලෙවත්ත ගමරාලලාගේ මෙමත්‍රීපාල සිරිසේන. ඒ කියන්නේ මගේ සියගේ මල්ලීගේ පුතා.

ළගම ඥාතී

ඔව්.

ඇයි එතුමාට ඔබ දේශපාලනික සහයෝගයක් නොදෙන්නේ?

එතුමා ඇතුළුව වර්තමානයේ දේශපාලයේ නිරත සෑම දේශපාලඥයෙක්ම සිටින්නේ බල අරගලයක.ඔවුන් තමන්ගේ කාලය, සම්පත් ඇතුළු සෑම දෙයක්ම යොදවමින් සිටින්නේ මෙම බලඅරගලයයේ ඉදිරියෙන් සිටීමටයි. එවැනි තත්වයක් තුළ රටේ දැවෙන ප්‍රශ්න ආමණ්ත්‍රණය කිරීමට ඔවුන්ට ඇති කාලය ඉතා සීමිතයි. මෙවැනි තත්වයක් තුළ මට එතුමාට සහයෝගය දිය නොහැකියි. මම මේ පල අරගලයේ කොටස්කරුවෙක් වෙනවාද නැත්නම් එයින් මුක්තව ඒකායන අධිෂ්ඨානයෙන් රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගැනීමට අත්‍යවශ්‍ය පියවර ගන්නවාද යන්න තීරණය කළ යුතු වෙනවා.

ඒ කියන්නේ කිසිම සම්බන්ධයක් නැද්ද?

තියෙනවා. මම එතුමාට සුභ පතන්නත් ගියා. 

එතකොට ඔබ කොහොමද මේච්චර විශාල ව්‍යාපාරයක් පටන් ගන්නේ?

මම හොස්ටල් එකේ තනි වුණාම මට හැමදාම අම්මා මතක් වෙනවා. අම්මා මාස දෙකකට වතාවක් මාව බලන්න ආවම, අම්මගේ ලේන්සුව මම හොරෙන් තියාගන්නවා. මට ඒ ලේන්සුවේ අමම්ගේ සුවද තියෙනවා. ඔය වගේ සිදුවීම්වලින් තමයි මට ශක්තිය ආවේ. අවුරුදු 12දී මම තිනියම බාල දක්ෂ ජම්බෝරියට ඉන්දියාවට යනවා. ඊටත් පස්සේ සාමාන්‍ය පෙළ ඉවර වුණාම මට ශිෂ්‍යත්වයක් ලැබුණා. මට රටවල් හතරක් ලැබුණා තෝරාගන්න. ඇමරිකාව, එංගලන්තය, ජපානය, නවෂීලන්තය. ඒකෙන් මම ජපානය තෝරාගත්තා.ඒ තෝරගත්තේ ජපන් භාෂාවටයි කරාතෙවලටයි ආස නිසා. එහිදී තමයි මුල් වතාවට මට ටොයොටෝ සමාගමට යන්න  හැකියාව ලැබෙන්නේ. ලොව ප්‍රසිද්ධ ටොයොටෝ සමාගමේ මිනිස් ශ්‍රමයෙන් වැඩ කරන්නේ ඉතා සීමිත ප්‍රමානයක්. ඔක්කමෙ වෙන්නේ මැෂින්වලින්. නමුත් මම එක ශාලාවක දැක්කා මිනිසුන් 400ක් -500 ක් වැඩ කරනවා. එයාල ඒ හදන්නේ වායු බෑග් සෙන්සර් එක. ඒක මැෂින්වලට කරනන් බැරි වැඩක්. වාහනයේ හදවත වගේ වටින එකක් ඒ සෙන්සරය. එදා තමයි මට හිතුණේ අපේ රටේ මිනිස්සු දාල මේක හදන්න තිබුණ නම් හොදයි කියලා. මම එතකොට ඉගෙනගන්න ළමයෙක්. මම ඒ යෝජනාව ටොයෝටා සමාගමට කිවුවා. ඔවුන් මට හිනා වුනා. ඊට පස්සේ මම ඔවුන්ගෙන් සාම්පල් එකක් ඉල්ලුවා. ඔවුන් එයට අකමැති වුණත් මම සිසුවෙක් නිසා මට ඒක ලබා දුන්නා. ජපානයේ අධ්‍යාපනය ඉවර වෙලා ලංකාවට ඇවිත් අර සාම්පල් එක නිරික්ෂණය කරලා ඒ සාම්පල් එක වගේම එකක් අපේ රටේ නිෂ්පාදනය කළා. ඒක හදලා මම ටොයෝටා සමාගමට යැව්වා. කිසිම උත්තරයක් ආවේ නැහැ. මම අවුරුද්දට හතර පාරක් විතර ඒ සාම්පල් එහාට යැව්වා. අවසානයේදී ඔවුන් මගේ සාම්පල් ගැන සතුටු වුණා. ඊට පස්සේ තමයි මේ දිග කතාවේ මුල පටන් ගන්නේ.

අද දවසේ ඔබේ ව්‍යාපාර තත්වය මොන වගේද?

මගේ සමාගමේ නම ලංකා හාන්ස් පුද්ගලික සමාගම. ඒක පිහිටලා තියෙන්නේ බියගම කර්මාන්ත කලාපයේ. 2003 තමයි ආර්ම්භ වුණේ. ජපානයේ “ඉතො” ලක්ස 8000 ක් ආයෝජනය කළා. ඒ මුදල අපි අවුරුදු දෙකහමාරකින් ආවරනය කළා. අද වෙද්දි සේවකයෝ 400 ක් සේවය කරනවා. ගිය වසරේ පමණක් අපේ ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 80 ක්.

හරි ඔබේ ව්‍යාපාරය කියන්නේ වෙනම මාතෘකාවක්. නමුත් අපි දැන් අපේ මාතෘකාවට බහිමු. ඇයි මේච්චර විර්යවන්ත ව්‍යාපාරිකයෙකුට ජනාධිපති වෙන්න හිතුණේ.

මේ වෙනකොට මගේ ජීවිතේ බෙහෝමයක් දේවල් මම සපරාගෙන ඉවරයි. නමුත් රට වෙනුවෙන් මට තව බෙහෝ දේවල් කරන්න පුළුවන්. ඒ දේ වෙනුවෙන් තමයි මම මේ තිරණය ගත්තේ.

හිතෙන්නේ නැද්ද මේ රත්වෙච්ච දේශපාලන ගෙහොරුවෙ ඔබට හැරෙන්නවත් බෑ කියල?

මේක විහිලුවක් නෙවෙයි. මම රටට ඉදිරිපත් කරන්නේ නිශ්චිත වැඩපිළිවෙළක් එක්ක. ව්‍යාපාර පහකින් ඒක පුද්ගල ආදායම USD 10,000 දක්වා ගෙනියන වැඩපිලිවෙළක්. ඔබ විශ්වාස කරනවාද දන්නේ නෑ, ලොව ප්‍රසිද්ධ ටයිම්ස් සගරාවේ මුල් කවරයට ෆෝටෝ එකක් ගියේ අපේ රටේ කදිරගාමර් මහත්තයගේ විතරයි. මම මේ තරගයට එනවනම් ටයිම්ස් සගරාව විතරක් නෙවෙයි ලොව ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන කිහිපයක් මාත් එක්ක ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මෙතෙක් ලංකාවේ මිනිස්සු දැකපු නැති කලඑළියකින් තමයි මම තරග කරනවානම් එළියට එන්නේ.

ඔබ ගම්පහ නිසා බැසිල් රාජක්ෂ අදුනනවද?

ඔව්. මම තමයි එතුමාව ගම්පහට ගත්තේ. මහින්ද මහත්තයගෙන් මම බැසිල්ව ගම්පහට ඉල්ලුවම මම බලාගන්නවනම් දෙන්නනස් කිව්වා. එතුමා නැවතුනේ මගේ ගෙදර. ගම්පහින් ලක්ෂ හතරකට එහා ගාණකින් ඡන්ද දින්නම බැසිල් මහත්තයා කිවුවා මට මේ ගෙදර ජය භූමියක් මේ ගේ මට දෙන්න කියලා. ඒ නිසාම මම මගේ ඉඩමෙන් කොටසක් එතුමාට දුන්නා. මට වුවමනා වුණේ මගේ ගම ගම්පහ දියුණු කරන්න. කාටවත් බැරි වැඩත් එතුමා ගම්පහ ජනතාවට කරලා දුන්නා.

ඒ කියන්නේ ඔබතුමාට බැසිල් රාජක්ෂගේ උදව් අදටත් තියෙනවා?

අපි තවම හිතවත්. නමුත් මගේ පෞද්ගලික දේශපාලනික අදහස් වෙනස් එකක්. මට තියෙන්නේ මගේ රට වෙනුවෙන් වීර්යවන්ත අරමුණක් විතරයි. විශේෂයෙන් මේ රට ණය බරින් මුදාගන්න මට අවශ්‍යයි.

අපේ රටේ ඉතිහාසයේ හිටපු සියලුම ආණ්ඩු ලෝකයට ණය වුනු ප්‍රමානය කොච්චරක් කියල හිතන්නේ?

මම දන්න තරමින් 2014 අවසාන වෙද්දි රුපියල්බිලියන 7391, 2016 අවසාන වෙද්දී ඒ ණය මුදල රුපියල් බිලියන 9387 ක් වෙනවා.

ඒසා විසාල මුදලක් ඔබ කියනවා එක දවසින් ගෙවනවා කියලා?

ඔව්. ඒ මුදල ගෙවන්නේ මගේ පෞද්ගලික ධනයෙන් නෙවෙයි. නමුත් ජපානය ඇතුළු රටවල් කිහිපයක අරමුදලක් එකගවෙලා ඉන්නවා 0.5 පොලී අනුපාතය වෙන්නෙ 5.5ක් හයක් අතර අනුපාතයක්. ඔවුන් එකග වුණා 0.5 පොලී අනුපාතයට ඒ මුදල ගෙවා දමන්න.

ඒ කියන්නේ ජපන් රජය ඔබ පිටුපස ඉන්නවා?

ඔව්. ජපන් අගමැති මගේ පෞද්ගලික හිතවතෙක්. මම ඔවුන් සමග ගොඩක් ළගින් වැඩ කරනවා.

ඉතින් ඔබට පුළුවන්නේ දවසින් දවස වැඩිවෙන මේ මහා ණය කන්දරාව රටට ආදරයක් තියෙනවනම් මේ මොහොතෙම ගෙවලා දාන්න?

ඔව්. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී ඔය කාරණේ තුරුමුපුවක් විදියට මම තියාගෙන ඉන්නේ නෑ. මම මේ රජයට ඒ කටයුත්තට අදාළ සමාගම හදුන්වලා දුන්නා විතරක් නෙවෙයි මේ රටට ගෙනල්ලත් දුන්නා. ඔවුන් රජය සමග සාකච්ඡා කරලා අවසානයේදී කිව්වේ අපේ රජයේ ක්‍රමවේදය යටතේ යනවනම් ආයෙත් පරණ පොලි අනුපාතයටම තමයි මේක සිද්ධ වෙන්නේ කියලා.


Latest News

නිපුන සහල් අධිපතිගේ දියණිය හදිසියේ මිය යයි නිපුන සහල් අධිපතිගේ දියණිය හදිසියේ මිය යයි 2018-01-18 - රටම දන්නා “නිපුන සහල්” අධිපති තුමා වන, ප්‍රභල මන්ත්‍රීවරයෙක් වූ සිරිපාල ගම... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-01-18 - ඔබ සැමට යහපතක්ම වේවා!.......  More detail
පර්පචුවල් සමාගමෙන් මුළු මුදලම ගන්නවා - හවුල්කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන පර්පචුවල් සමාගමෙන් මුළු මුදලම ගන්නවා - හවුල්කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරනවා 2018-01-18 - කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි උපරිමයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව අග... More detail
හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න 2018-01-18 - ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා ඇයගේ 54 වැනි ජන්ම... More detail
ප්‍ර‍ශ්න ආවොත් මාව ඇපේට තියන්න එපා - කාවිංග ගැන මතුපිටින් නොබලා දුව දුන් දුකා... ප්‍ර‍ශ්න ආවොත් මාව ඇපේට තියන්න එපා - කාවිංග ගැන මතුපිටින් නොබලා දුව දුන් දුකා මාමා කියයි 2018-01-18 - කාංවිග පෙරේරා ගැන පසුගියදා අලුත් කතාබහක් ඇතිවුනේ ඔහු විවාහ වීමත් සමගයි. More detail
ගුවන් ගමන් වාර වල වෙනසක් ගුවන් ගමන් වාර වල වෙනසක් 2018-01-18 - ඉන්දියානු ගුවන් සීමාවේ අත්හදා බැලීමේ ගුවන් ගමනක් ක්‍රියාත්මක විම හේතුවෙන්... More detail
මත්පැන් ඉල්ලා ජනප්‍රිය නිළි සමනලී උසාවි යයි මත්පැන් ඉල්ලා ජනප්‍රිය නිළි සමනලී උසාවි යයි 2018-01-18 - කාන්තාවන්ට මත්පැන් අලෙවි සැල්වල සේවය කිරීමට හා මත්පැන් මිලදී ගැනීමට තිබූ ... More detail
මහින්ද - රනිල් එක්ක ආණ්ඩු හදපු හැටි ගැන හෙළිවෙයි මහින්ද - රනිල් එක්ක ආණ්ඩු හදපු හැටි ගැන හෙළිවෙයි 2018-01-18 - එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉස්සෙල්ලම ආණ්ඩුවක් හැදුවේ මෛත්‍රිපාල සිරිසේන නොව... More detail
ශශිකා නැවතත් විවාහ වෙයි ශශිකා නැවතත් විවාහ වෙයි 2018-01-18 - ජනප්‍රිය ගායන ශිල්පි ශශිකා නිසංසලා ආයෙත් පාරක් විවාහ වෙලා තියෙනවා. More detail
එජාපයට රිදුනට මෛත්‍රී ඉන්නකම් අගමැතිට බැදුම්කර හොරකම වහන්න බැහැ එජාපයට රිදුනට මෛත්‍රී ඉන්නකම් අගමැතිට බැදුම්කර හොරකම වහන්න බැහැ 2018-01-18 - මෛත්‍රිගේ ආණ්ඩුවට හෙණ ගැහුවා වගේ සිදු වුණු  ශ්‍රී ලංකා මහ බැංකුවේ මහ හොරකම ... More detail
භූමිතෙල් කලවම් කරන ඉන්දන පිරවුම්හල් වලට සීල් තියයි භූමිතෙල් කලවම් කරන ඉන්දන පිරවුම්හල් වලට සීල් තියයි 2018-01-18 - නාවල පාරේ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඉන්ධන පිරවුම් හලේ පොම්ප සියල්ලට ... More detail
මාළු කපන පිහිය බෙල්ලට තියලා පුතා තමන්ගේම අම්මව කෙලෙසලා මාළු කපන පිහිය බෙල්ලට තියලා පුතා තමන්ගේම අම්මව කෙලෙසලා 2018-01-18 - පුතෙකු තම 70 වියැති මවගේ බෙල්ලට මාළු කපන පිහියක් තබා බිය කර ඇයව දුෂණය කොට පලා ... More detail
ඊළග ජනපතිවරණයටත් මෛත්‍රී එයි ඊළග ජනපතිවරණයටත් මෛත්‍රී එයි 2018-01-18 - යම් අවස්ථාවක ව්‍යවස්ථාව වෙනස් කිරීමට නොහැකි වුවහොත් මීළඟ ජනාධිපති වශයෙන්... More detail
බැදුම්කර ගනුදෙනුවේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි බැදුම්කර ගනුදෙනුවේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි 2018-01-18 - මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සහ ... More detail
ශ්‍රී ලංකාවට අන්තිම මොහොතේ වුණ වැඩේ මෙන්න - තිසරගේ උත්සහය ව්‍යර්ථ වෙයි ශ්‍රී ලංකාවට අන්තිම මොහොතේ වුණ වැඩේ මෙන්න - තිසරගේ උත්සහය ව්‍යර්ථ වෙයි 2018-01-18 - බංගලාදේශය පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ  සිම... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-01-17 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
මහින්දයේ නවෝද්‍ය අන්තර් පාසල් ක්‍ර‍ිකට් වල නව වාර්තාවක් තියයි මහින්දයේ නවෝද්‍ය අන්තර් පාසල් ක්‍ර‍ිකට් වල නව වාර්තාවක් තියයි 2018-01-17 - සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 13 පහල හා 15 පහල (පලමු පෙල) ඉතිහාසයේ පලමු... More detail

 

Gossip

Foreign

හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න 2018-01-18 - ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා ඇයගේ 54 වැනි ජන්ම... More detail
බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් 2018-01-17 - බාලවයස්කාර විවාහ සම්බන්ධයෙන් අධිකරණයක් විසින් ලබාදුන් සුවිශේෂී තීන්දුවක්... More detail
දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් 2018-01-16 - දකුණු චීන මුහුදේ ගිලූණු ඉරාන සාංචි තෙල් නැව හේතුවෙන් එහි විශාල තෙල් පැල්ලමක්... More detail
පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් 2018-01-15 - දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ දකුණ ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 7.1 ක ප්‍රබලත... More detail
පොලේ බඩු විකුණනවා වගේ පොලේ තියන් තරුණියන් විකුණලා පොලේ බඩු විකුණනවා වගේ පොලේ තියන් තරුණියන් විකුණලා  2018-01-15 - මුදලට හැමදේම විකිණෙන අද කාලේ අදහාගන්න බැරි දේවලුත් සිද්ධ වෙනවා. More detail
පොලීසියේ ඉද්දී තරුණියන් 22ක් දුෂණය කර මරලා පොලීසියේ ඉද්දී තරුණියන් 22ක් දුෂණය කර මරලා 2018-01-12 - හිටපු රුසියානු පොලිස් නිලධාරියෙකු තරුණියන් 22 ක් දුෂණය කර මරා දැමිමේ  බියකරු... More detail
සචින් ටෙන්ඩුල්කාර්ගේ දියණියව පැහැරගන්න ගිය කෙනාට සිදු වුණු දේ මෙන්න සචින් ටෙන්ඩුල්කාර්ගේ දියණියව පැහැරගන්න ගිය කෙනාට සිදු වුණු දේ මෙන්න 2018-01-12 - ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ දියණිය වූ සාරා තෙන්ඩුල්කාර්ට ... More detail